2026-09-22 08:56:00 Hours
22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් අර්ථනිරූපණය අද (22) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
විනිසුරුවන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන මෙම පනත් කෙටුම්පත පසුගිය අගෝස්තු 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, එහි ව්යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් පෙත්සම් 67ක් ශ්රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබුණා.
අදාළ පෙත්සම් අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කෙරුණු අතර, සැප්තැම්බර් 02 වැනිදා එම විභාගය අවසන් කෙරුණා.
එහිදී පනත් කෙටුම්පතේ ව්යවස්ථානුකූලභාවය පිළිබඳ අර්ථනිරූපණය කථානායකවරයා වෙත යොමු කරන බව ශ්රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබුණා.
මේ අතර, 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය සැප්තැම්බර් 24 සහ 25 යන දිනවල පැවැත්වීමට නියමිතයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk