2026-07-30 09:32:00 Hours

සුවසැරියෙන් යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාවක්


...

යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුවසැරිය පදනම තීරණය කර තිබෙනවා.

හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන රෝගීන් වෙත වඩාත් කඩිනමින් සහ කාර්යක්ෂමව ප්‍රවේශ වීම සඳහා මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

අධික රථවාහන තදබදයක් සහිත නාගරික ප්‍රදේශවල සහ මාර්ග අවහිරතා සහිත ප්‍රදේශවල මෙම යතුරුපැදි හදිසි සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ගිලන් රථයක් ළඟාවීමට පෙර රෝගියා වෙත කඩිනමින් ප්‍රථමාධාර සහ මුලික වෛද්‍ය පහසුකම් ලබාදීම මෙම නව වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණ බව එම පදනම පවසනවා.

මේ සඳහා විශේෂ පුහුණුව ලත් වෛද්‍ය නිලධාරීන් යෙදවීමට නියමිතයි.

මෙහිදී මුලික ඖෂධ සහ වෛද්‍ය උපකරණ සහිත යතුරුපැදියක් ලබාදීමට නියමිතව තිබෙනවා.

මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ ඉලක්ක කරගනිමින් 2026 වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk