2026-07-29 22:08:00 Hours
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයෙන් රත්න ශ්‍රී විජේසිංහ මහතා ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති අතර, ලබන අගෝස්තු මස පළමුවැනිදා සිට එය ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, සිය භාරයේ ඇති ලේඛන හා දේපළ භාරදීම සඳහා හෙට (30) දිනයේ කාර්යාලයට පැමිණීමට නියමිත බවද සඳහන්.
රත්න ශ්‍රී විජේසිංහ මහතා 2024 දෙසැම්බර් 16 වැනිදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කෙරුණු අතර, එම පත්වීමේ ලිපිය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අතින් ලබාගෙන තිබුණා.
සුනේත්‍රා රාජකරුණානායක, අබ්දුල් රසාක් අබ්දුල් කරීම්, සිවසාමි රාජසිංහම්, මහාචාර්ය වසන්තා සුබසිංහ, ආචාර්ය ආනන්ද තිස්ස සහ පී. හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් එම මණ්ඩලයේ සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස කටයුතු කරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk