2026-07-27 08:21 Hours
දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් දේවාලයේ බස්නායක නිළමේ තිළිණ මධුසංක මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඔහු එම නිවේදනයෙන් සඳහන් කර ඇත්තේ පෙරහැරේ 6 වැනි පේළි පෙරහැර සඳහා කාවඩි නර්තන අංගය එක් කිරීමට තමන්ට කිසිදු විරුද්ධත්වයක් නොමැති බවයි.
කෙසේ වෙතත්, ලියාපදිංචි කාවඩි නර්තන කණ්ඩායම් 25කට පමණක් එම නර්තන අංගයට සහභාගී වීමට අවසර ලබාදෙන බවද බස්නායක නිළමේවරයාගේ නිවේදනයේ දැක්වෙනවා.
මේ අතර, කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් ඇතිවී ඇති ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් එය පෙරහැරෙන් ඉවත් කරන ලෙස මීට පෙර මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා නිර්දේශ කර තිබුණා.
කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකක් අතර පවතින බව කියන ගැටුම්කාරී තත්ත්වයක් පිළිබඳ පොලිස්පතිවරයා විසින් ලබාදුන් බුද්ධි තොරතුරු සහ නිර්දේශ සලකා බලා එම තීරණය ගෙන තිබූ බවයි වාර්තා වන්නේ.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk