2026-07-28 10:48 Hours

රඛිත සහ චරිත් ඇතුළු තිදෙනාට ඇප


...

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ හැන්නදිගේ යන තිදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය ලබාදුන්නේ සැකකරුවන් අද (28) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සම්බන්ධයෙන් අල්ලස් ලබාගැනීමේ චෝදනා මත රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පසුගිය ජූනි 25 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ, 2023 වසරේ ඩුබායිහිදී හරක් කටාගේ බිරිඳගෙන් රුපියල් කෝටි 50ක අල්ලසක් ඉල්ලා පසුව එය රුපියල් කෝටි 20 දක්වා අඩු කර, එයින් රුපියල් කෝටි 12ක අත්තිකාරම් මුදලක් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති බවයි.

එම චෝදනාවලට අදාළව අරුණ හැන්නදිගේ ද අත්අඩංගුවට ගෙන තිබූ අතර, අද අධිකරණය තිදෙනාම ඇප මත මුදාහැරීමට නියෝග කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk