2026-07-29 14:57 Hours

ආණ්ඩුවේ තීන්දුවට නීතිඥ සංගමයේ ඒකමතික විරෝධය


...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාවට නීති ක්ෂේත්‍රයේ සියලු දෙනා විරුද්ධව බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසනවා.

එම සංගමයේ විශේෂ මහා සභා රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ නීතිඥවරු සියලුදෙනාම අත් ඔසවමින් මෙයට විරෝධය දැක්වූ බවයි.

ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ මෙම යෝජනාවට විනිසුරුවරුන් පවා විරෝධය දක්වන බවත් අද (29) දින පැමිණි සහ සූම් තාක්ෂණය ඔස්සේ එක්වූ සියලු නීතිඥයින් මෙම යෝජනාවට විරුද්ධ බවත් ඒ මහතා සඳහන් කළා.

එම සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුව බුද්ධිමත් නොවන තීරණයක් බැවින් මෙය අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි පහරක් විය හැකි බවයි.

මේ අනුව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගන්නා බවත් මහා සභාවේ එකඟත්වය තුළ මේ වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග තිබුණාටා වඩා හොදින් ගන්නා බවත් ඔහු කියා සිටිනවා.

ඒ මහතා සඳහන් කරන්නේ ආණ්ඩුව සිදු කිරීමට යන මෙම යෝජනාව අපරාධයක් බවයි.

එය නැවැත්විය යුතු බවත් අධිකරණ පද්ධතියට යම් ප්‍රහාරයක් එල්ල වුවහොත් එය දීර්ඝ කාලීන ලෙස ප්‍රතිඵල හිමිවිය හැකි බවත් රජීව් අමරසූරිය පවසනවා.

යෝජනා කර ඇති සංශෝධනය හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඇතුළු අධිකරණ පද්ධතිය අපහසුතාවයට පත්විය හැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පෙන්වා දෙනවා.

ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනාද සැලකිල්ලට ගනිමින් මෙම ක්‍රියාවලිය නතර කළ හැකි බවත්, එසේ නොවන්නේ නම් එය ජනමත විචාරණයකට යොමු කළ යුතු බවත්ය.

මේ අතර, මාස දෙකකට ආසන්න කාලයක් පුරා මෙම යෝජනාවට විරෝධය පළ කළද ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා රජය මෙතෙක් අවස්ථාවක් ලබාදී නොමැති බවද රජීව් අමරසූරිය මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, අද (29) පස්වරු 5ට අධිකරණ අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

"අපිව කෙටි කාලයකින් අමතක කළත් අපි අපේ යුතුකම ඉෂ්ට කරනවා. අපිව පැත්තට දාලා යන්න හැදුවත්, අපිට මඩ ප්‍රහාර ආවත් අපි ඒවට සැලෙන්නේ නෑ ඉදිරියටම යනවා. අද දිනෙය් සවස 5 අධිකරණ ඇමති තුමා හමුවෙනවා. එතුමාත් අපේ කෙනෙක්. එතුමා ඇමති කෙනෙක් නොවී නීතිඥ සංගමයේ සභාපති වුණානම් එතුමා මීට වඩා කෑ ගහන්න ඉඩතිබුණා."



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk