2026-07-27 20:44:00 Hours

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය


...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වනවා.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද (27) පැවැති කැබිනට් රැස්වීමේදී ඊට අනුමැතිය හිමිව ඇති බවයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස පිළිවෙලින් අවුරුදු 63 සහ 65 යන සීමාව ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් තවත් වසර 2ක් බැගින් දීර්ඝ කිරීමට රජය යෝජනා කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් රජයේ මෙම තීන්දුව සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් නීතිඥ සංගමය රජයට දැඩි චෝදනා එල්ල කර තිබුණා.

මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන් 8 දෙනෙකුගේ පුරප්පාඩු පවතින බවත් එම පුරප්පාඩු පිරවීම ජනාධිපතිවරයා විසින් දීර්ඝ කාලයක් පුරාවට පැහැර හැර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වූණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk