2026-07-30 14:57:00 Hours

සුගීෂ්වර ලබන 12 වනදා දක්වා රිමාන්ඩ්


...

නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන 12 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (30) එම නඩු කටයුත්ත කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කර ඇත.

2022 වසරේ විශ්‍රාමික ජනාධිපතිවරයෙකු වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් හා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය දැරූ එම කාල වකවානුව තුළම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබා ගැනීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි.

සුගීෂ්වර බණ්ඩාර මහතා ජනාධිපති ලේකම්වරයා සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ සමයේ රජයේ වාහන අවභාවිත කිරීම සහ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් ද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

විමර්ශනවලට අනුව, ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ රුපියල් 19,33,065ක් සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ සමයේ රුපියල් 42,26,884.59ක මුදලක් අවභාවිත කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk