2026-07-30 11:11:00 Hours

වසරේ ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි - අවදානම් කලාප 175ක්


...

මෙම වසරේ මේ දක්වා දිවයිනෙන් ඩෙංගු රෝගීන් 84,091ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඊයේ (29) දිනය තුළ ඩෙංගු මරණ කිසිවක් වාර්තා වී නොමැති අතර, මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 61ක් බවයි එම ඒකකය සඳහන් කළේ.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය 17,850ක්. දෙවැනියට වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 16,716ක් ලෙස දැක්වෙනවා.

පළාත් අනුව වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර, එහි රෝගීන් සංඛ්‍යාව 44,552ක්. දෙවැනියට දකුණු පළාතෙන් රෝගීන් 12,656ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර, දිවයින පුරා ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් අධි අවදානම් කලාප 175ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk