2026-07-29 09:21:00 Hours
පොලිස් කොස්තාපල්වරයෙක් සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ගෙන සියදිවි හානි කර ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කරන්නේ පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් මෙලෙස මියගොස් ඇති බවයි.
අද (29) අලුයම පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුව අසලදී මොහු සිය T56 ගිනි අවියකින් මෙලෙස වෙඩි තබාගෙන තිබෙනවා.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා පානදුර මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව වාර්තා වනවා.
28 හැවිරිදි පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk