2026-08-01 11:01:00 Hours

කැළණි ගංඟා නිම්නයේ පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්


...

කැළණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වන විට ලැබෙමින් පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 48 ඇතුළත ප්‍රදේශ කිහිපයකට සුළු සන්වතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

මේ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය විසින් අද (01) පෙරවරු 7.30ට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළා.

අදාළ නිවේදනය ලබන 3 වනදා පෙරවරු 7 දක්වා වලංගු වනු ඇති.

මේ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල සහ සීතාවක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන්.

පවතින කාලගුණ පුරෝකථනයට අනුව ඉදිරියේ දී අධි තිව්රතාවයකින් යුත් වර්ෂාව ඇති විය හැකි බැවින් ගඟෙහි ජල මට්ටම් ක්ෂණිකව ඉහළ යාමට ඉඩ තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ එම රදේශවල පදිංචි මහජනතාව, ගංඟාව පරිහරණය කරන්නන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන් මේ තත්ත්වය පිළිබඳව දැඩි සැලකිල්ලකින් සහ අවධානයකින් කටයුතු කරන ලෙසයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk