2026-08-01 12:50:00 Hours
මීගමුව ආසන්න මුහුදු ප්‍රදේශයේ දී ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්ව තිබෙනවා.
මේ වන විට අනතුරට පත් ධීවරයින් මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව සඳහන්.
තවද මෙම අනතුරට පත් ධීවරයින් සෙවීමේ කටයුතු සඳහා ගුවන් හමුදාවට බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද යොදවා ඇති බව වාර්තා වනවා.
ඊයේ (31) පස්වරුවේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ඩිංගි යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
එම අනතුර සම්බන්ධව තොරතුරු පළමුව අනාවරණය වී ඇත්තේ වෙනත් ධීවර යාත්‍රාවක් මඟින් කරන ලද දැනුම් දීමක් මතයි.
කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසුව සිදුකළ සෝදිසි මෙහෙයුමක දී ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය තවත් ධීවර යාත්‍රා 3ක් අතුරුදහන්ව ඇති බව හෙළිව තිබෙනවා.
මේ වන විට අනතුරට ලක්වූ එක් යාත්‍රාවක සිටි ධීවරයෙකුගේ මළ සිරුරක් මීගමුව වෙරළ තීරයට ගොඩගසා ඇති බව සඳහන්.
අදාළ යාත්‍රාවේම ගමන් කළ තවත් ධීවරයින් දෙදෙනෙකු අතුරුදහන්ව ඇති බව වාර්තා වනවා.
මේ අනුව අතුරුදහන් වූ ධීවරයින් සහ යාත්‍රා සෙවීම සඳහා නාවික හමුදාව සතු ඩෝරා යාත්‍රාවක් හා විශේෂ කිමිදුම්කරුවන් කණ්ඩායමක් ද යොදවා ඇති අතර ගුවන් හා නාවික අංශ එක්ව මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk