2026-08-01 11:58:00 Hours

වෙළෙඳ නෞකාවකින් හිස් බහාලුම් 17ක් මුහුදට වැටෙයි


...

කොළඹ වරායේ සිට බස්නාහිර දෙසින් නාවික සැතපුම් 17ක් පමණ දුරින් වූ මුහුදේ දී වෙළෙඳ නෞකාවකින් හිස් බහාලුම් 17ක් මුහුදට වැටී පාවෙමින් පවතින බව ධීවර සහ ජලජ සම්පත් දෙපර්තම්නේතුව නිවේදනය කරනවා.

උතුරු අක්ෂාංශ 06 54’ සහ නැගෙනහිර දේශාංශ 079 32’ ට ආසන්න මුහුදු ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පවතින මුහුදු දියවැල් ස්වභාවය අනුව මෙම හිස් බහාලුම් බේරුවල සිට මීගමුව හරහා පුත්තලම දක්වා මුහුදු තීරයේ ගොඩබිම දෙසට පාවී ඒමේ වැඩි හැකියාවක් පවතින බවයි.

ඒ හේතුවෙන් එම ප්‍රදේශවල රැකියාවේ නිරත වන සහ ගමන් කරමින් පවතින සියලුම බහුදින හා කුඩා ධීවර යාත්‍රා මේ සම්බන්ධව දැඩි අවධානයෙන් හා සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස දැනුම් දී තිබෙනවා.

මෙලෙස පාවෙමින් පවතින බහාලුම් නිරීක්ෂණය වුවහොත් වහාම ඒ සම්බන්ධව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි පණිවිඩ මධ්‍යස්ථානය වෙත හෝ ආසන්නතම ධීවර වරාය නිලධාරීන් වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk