2026-07-24 18:45:00 Hours
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 116 කින් පරාජයට පත් වුණා.
පසුගියදා මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සිද්ධිය මුල් කරගනිමින් විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබූ අතර, ඒ පිළිබඳ විවාදය අද පෙරවරු 11.30 සිට පස්වරු 6.00 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
විවාදයෙන් අනතුරුව පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 36ක් හිමි වූ අතර, ඊට විරුද්ධව ඡන්ද 152ක් ප්‍රකාශ වුණා.
ඒ අනුව විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 116 කින් පරාජයට පත් වුණා.
අදාළ විශ්වාසභංග යෝජනාව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් 2026 ජූලි 21 වැනිදා කථානායකවරයා වෙත භාරදී තිබූ අතර, එය අද (24) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk