2026-07-24 15:27 Hours
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.
මඩකලපුව මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ඒ. තර්ෂිනී මහත්මිය මෙම නියෝගය නිකුත් කළේ සැකකරු අද (24) ඔන්ලයින් ක්‍රමවේදය හරහා මඩකලපුව අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදීයි.
2008 වසරේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල සිදුවූ මිනීමැරුම් 5ක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ සැකකරු ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකුට එරෙහිව නඩු පවරනු ලැබුවා.
මේ අනුව කල්ලඩි හි සිදු වූ ඝාතන 5 පිළිබඳව ගොනු කර ඇති චෝදනා 3ක් සහ මෙම නඩුව පිළිබඳව ගොනු කර ඇති එක් චෝදනාවක් පිළිබඳව අධිකරණ විභාග අද (24) පැවැත්වුණා.
වැඩිදුර කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු එළැඹෙන 04 දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබුවා.
2008 වසරේ සිදුවූ වෙඩි තැබීම් තුනක් සම්බන්ධයෙන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු ගොනු කර ඇත.
ඒ, මඩකලපුව කල්ලඩි මුරුගන් කෝවිල අසලදී හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු ඝාතනය කිරීම, මැයි 22 වැනිදා පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ අගෝස්තු 20 වැනිදා වවුනියාවේදී සන්නද්ධ කණ්ඩායමක් විසින් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා යටතේයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk