2026-07-21 08:53 Hours

ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට


...

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) දිනයේ කථානායකවරයා වෙත භාර දීමට විපක්ෂය තීරණය කර ඇති බව වාර්තා වනවා.

විපක්ෂයේ සියලු පක්ෂ ඒකාබද්ධව අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇති.

මේ අතර පාර්ලිමේන්තුවට අද (21) නැවත රැස්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි.

අද (21) දිනයේ දී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 සහ 120 යටතේ තීරණ දෙකක් අනුමත කිරීම සඳහා විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා විශේෂ යෝජනාවක් ලෙස විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය පිළිබඳව රජයේ ගිණුම් කාරක සභාව සිදුකළ පරීක්ෂණ වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීම සම්බන්ධව විවාදයට ගැනීමට නියමිතයි.

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාව විසින් විමර්ශනවලදී අනාවරණය කළ කරුණු පිළිබඳව අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම පිළිබඳව අද (21) විවාදයක් පැවැත්වෙනවා.

අද (21) පස්වරු 2.30 සිට 5.30 දක්වා මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ කාර්ය සාධනය පිළිබඳව සභාව කල් තැබීමේ යෝජනාවක් ද විවාදයට ගැනීමට නියමිතයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk