2026-07-13 09:14:00 Hours
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ICC චැම්පියන්ස් කුසලාන කාන්තා තරඟාවලිය සත්කාරකත්වය අර්බුදයකට ලක්වීමේ අවදානමක් මතුව තිබෙනවා.
මෙම තරඟාවලිය ලබන වසරේ 2027 පෙබරවාරි 14 සිට 28 දක්වා පැවැත්වීමට නියමිතයි.
ක්‍රිකට් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ අදාළ තරඟාවලිය ශ්‍රී ලංකාවට හොමි වූ විශාලතම ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් සත්කරත්වය හිමි වන බවයි.
කණ්ඩායම් 6ක් මේ සඳහා සුදුසුකම් ලබන අතර එහි තරඟ 16ක් ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර තිබුණා.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා සාමාජිකයින් නව දෙනෙකුගෙන් සමන්විත ක්‍රිකට් පරිවර්ථන කමිටුව පත් කිරීම සමඟ එහි සත්කරත්වය අර්බුදයට ලක්ව ඇති බව සඳහන්.
මෙම තත්ත්වය සමඟ ICCය විසින් අදාළ තරඟාවලිය සඳහා මුදල් ලබාදීමට මැලිකමක් දක්වන බවද වාර්තා වනවා.
ICC ව්‍යවස්ථාව අනුව ජාතික ක්‍රිකට් ආයතනවල පරිපාලනයට රජයේ සෘජු මැදිහත්වීම් අනුමත නොකෙරෙන බැවින්, වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ICC අවධානය යොමුව ඇති බව ක්‍රිකට් ක්ෂේත්‍ර ආරංචි මාර්ග සඳහන් කරනවා.
2023 වසරේදී ද රජයේ මැදිහත්වීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තාවකාලිකව අත්හිටුවීමට ICC පියවර ගත් අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට 2024 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ද අහිමි වුණා.
ඒ අනුව, වත්මන් ක්‍රිකට් පරිවර්තන කමිටුව ද රජයේ මැදිහත්වීමක් ලෙස ICC විසින් සලකනු ලැබුවහොත්, 2027 ICC කාන්තා චැම්පියන්ස් කුසලාන තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් ද ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකි බව ක්‍රිකට් ප්‍රවීණයන් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, මේ දක්වා එවැනි තීරණයක් හෝ නිල අනතුරු ඇඟවීමක් ICC විසින් නිකුත් කර නොමැති බවද වාර්තා වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk