2026-07-15 13:47:00 Hours
2026 පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයේ දී ප්‍රංශය ස්පාඤ්ඤය හමුවේ ගෝල 2-0ක් ලෙස පරාජයට පත් වුණා.
ඩැලස් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟය පැවැත්වුණා.
තරඟය ආරම්භයේ සිටම ස්පාඤ්ඤය ප්‍රංශ කණ්ඩායමට තියුණු සටනක් ලබාදුන්නා.
මෙහිදී ප්‍රංශයේ ප්‍රබල ප්‍රහාරක පෙළට කිසිඳු අවස්ථාවක සාර්ථක වීමට ස්පාඤ්ඤය කණ්ඩායම ඉඩක් ලබාදුන්නේ නැහැ.
තරඟයේ 22 වනදා මිනිත්තුවේ දී ඔයාර්සබාල් ලබාගත් දඬුවම් පහර ගෝලය ස්පාඤ්ඤයට පෙරමුණ ලබාදුන් අතර 58 වැනි මිනිත්තුවේදී පේද්‍රෝ පෝරෝ දෙවැනි ගෝලය වාර්තා කරමින් තම කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.
ඒ අනුව ස්පාඤ්ඤ කණ්ඩායමේ විශිෂ්ඨ ක්‍රීඩා විලාශය හේතුවෙන් 2010 වසරෙන් පසු ලෝක කුසලාන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk