2026-07-21 10:56 Hours
මැදපෙරදිග පවතින යුද වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම කුවේට් රාජ්‍යය වෙත සිදුකරන ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරනවා.
මේ අනුව ඊයේ (20) සිට ජුලි 26 වන දින දක්වා කුවේට් රාජ්‍යය වෙත සිදුකරන ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු සඳහා 1979 ක්ෂණික දුරකථන අංකය හරහා හෝ +94 11 777 1979 නැතිනම් +94 74 444 1979 යන Whatsapp අංකයට කෙටි පණිවුඩයක් යොමු කළ හැකියි.
එසේ නැතිනම් නම් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk