2026-07-20 21:02 Hours

එයාර්බස් අල්ලස් ගනුදෙනුවේ සාක්ෂි සොයා විශේෂ කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවට


...

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී ගුවන් යානා 10ක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන ඇමරිකන් ඩොලර් මිලියන 2ක එයාර්බස් අල්ලස් ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන සඳහා අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ විශේෂ කණ්ඩායමක් ඕස්ට්‍රේලියාව බලා යාමට නියමිතව තිබෙනවා.

එහිදී අදාළ අල්ලස් මුදල් හුවමාරු වූ බවට සැක කෙරෙන බැංකු ගිණුම්වලට සම්බන්ධ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කර සාක්ෂි රැස් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධියට අදාළ බැංකු ගිණුමක හිමිකරුවෙකු ලෙස සැලකෙන ඩබ්ලිව්. ඩී. නිමල් පෙරේරා නමැත්තා ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බව අල්ලස් කොමිසම මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණා.

මේ අතර, නඩුවේ සැකකරුවන් වන හිටපු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ මේ වනවිට විදේශගතව සිටිනවා.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ සහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ මගින් වරෙන්තු ද නිකුත් කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙන වෙනම අධිකරණවල නඩු පවත්වාගෙන යන අතර, අල්ලස් මුදල් ලබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk