2026-08-31 12:28:00 Hours
පසුගිය සඳුදා (24) සිට ඊයේ (30) දක්වා ගතවූ සතියක කාලය තුළ අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් කෝටි 40කට අධික ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
එම අධිකාරිය සඳහන් කළේ එම කාලය තුළ දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය, කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කර ඇති වාහන සංඛ්‍යාව 1,095,895ක් බවයි.
මේ අතර, දින පහක නිවාඩු කාලය තුළ පමණක් අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් කෝටි 35කට අධික වාර්තාගත ආදායමක් උපයා ඇති බවද මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk