2026-08-12 19:58:00 Hours

වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි බැකෝ සමන්ගේ මව ජීවිතක්ෂයට


...

මිද්දෙනිය, උල්හිටියාව ප්‍රදේශයේදී අද (12) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ ‘බැකෝ සමන්’ නමැත්තාගේ මව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන නැදුන්ගොඩ නිර්මල ප්‍රසන්න හෙවත් ‘බැකෝ සමන්’, ‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතුළු අපරාධ කල්ලියේ සාමාජිකයෙකු ලෙස පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි අයෙකු බව පොලිසිය සඳහන් කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, වෙඩි තැබීමට හේතුව සහ සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk