2026-07-31 16:57:00 Hours

අගෝස්තු මසදී ඉන්ධන මිලේ වෙනසක් නැහැ - CPC


...

මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මසදී ඉන්ධන මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එම සංස්ථාවේ සභාපති ඩී ජේ රාජකරුණා මහතා අද (31) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 414.00ක ලෙස පැවැති මිල ගණන් යටතේ පවතිනවා.

තවද ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 382.00ක් ලෙසද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය මිල රුපියල් 495.00ක් ලෙසද නොවෙනස්ව පවතිනවා.

එම සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ සුපර් ඩීසල් මිල රුපියල් 478.00ක් ලෙස සහ භූමිතෙල් මිල රුපියල් 285.00ක් ලෙස පවතින මිල ගණන් යටතේම පවතින බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk