2026-07-31 10:54:00 Hours
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එම ඒකකය නිකුත් කළ නවතම වාර්තාවට අනුව, මේ වසරේ මේ දක්වා ඩෙංගු ආසාදිතයින් 84,724 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඉන් ජූලි මාසයේ පමණක් ඊයේ (30) දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 29,350ක්.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය 17,971ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,814ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,873ක් හඳුනාගෙන තිබෙනවා.
පළාත් අනුව බැලීමේදී බස්නාහිර පළාතෙන් ඩෙංගු ආසාදිතයින් 44,829ක්, දකුණු පළාතෙන් 12,738ක් සහ මධ්‍යම පළාතෙන් 7,370ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk