2026-07-31 21:54:00 Hours
මාතර මිරිස්ස ප්‍රදේශයේ අද (31) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් 34 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, වෙඩි තැබීම සඳහා රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට සැක පළවන බවයි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk