2026-07-31 08:59:00 Hours

බන්ධනාගාර බසයක් වීඩියෝ ගත කළ කාන්තාවක් රිමාන්ඩ්


...

උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැඳවියන් රැගෙන එමින් සිටි බන්ධනාගාර බස් රථයක් රහසිගතව සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් සිටි දෙදරු මවක් ලබන 4 වනදා තෙක් රිමාන්ඩ් කිරීමට උඩුගම ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියම කළා.

හිනිදුම හල්විටිගල ප්‍රදේශයේ පදිංචි හතලිස් හය හැවිරිදි කාන්තාවක් මෙලෙස රිමාන්ඩ් කර ඇති බව සඳහන්.

අදාළ කාන්තාව උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට සිට සිය ජංගම දුරකථන කොළයකින් වසාගෙන රහසිගත ලෙස බන්ධනාගාර බස් රථය වීඩියෝ ගත කර ඇති බව පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

පොලීසියට ලද පැමිණිල්ලකට අනුව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඇය යම්කිසි අපරාධයක් කිරීම සඳහා මෙම කාන්තාව විසින් බන්ධනාගාර බස් රථය ජංගම දුරකථනයෙන් වීඩියෝ කිරීම සිදු කළා ද යන්න සම්බන්ධව පොලිස් පරීක්ෂණ පවත්වනු ලබනවා.

පොලීසිය පවසන්නේ මෙම කාන්තාවගේ පුත්‍රයෙකු මත්කුඩු ළඟ තබා ගැනීම පිළිබඳව චෝදනා ලැබ සිටින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් උඩුගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk