2026-07-28 12:33:00 Hours

පෙරහැරට ගිය අලියා මැල්සිරිපුරදී අලි අනතුරක


...

පෙරහැර මංගල්‍යයක් සඳහා ලොරි රථයකින් රැගෙන යමින් සිටි අලියෙකු මැල්සිරිපුර, ඕමාරගොල්ල ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී බරපතළ තුවාල ලබා තිබෙනවා.

මෙම අලියා කෑගල්ල, රන්දෙණිය ප්‍රදේශයේ සිට මනම්පිටිය දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය සඳහා රැගෙන යමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

ලොරි රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අලියා වාහනයෙන් බස්වා මාර්ගයෙන් ඉවත් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී, දඹුල්ල සිට කුරුණෑගල දෙසට ධාවනය වූ වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් අලියාගේ ගැටී තිබෙනවා.

අනතුරෙන් පසු අලියා මීටර් 50ක පමණ දුරක් ඇදී ගොස් ඇති අතර, බරපතළ තුවාල ලබා ඇති බව සඳහන්.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මැල්සිරිපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk