2026-07-28 09:44:00 Hours

ඩෙංගු රෝගීන් ගණන 83000 සීමාවට ලංවෙයි


...

වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 83000 සීමාවට ලංවී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ ඊයේ (27) වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන තවදුරටත් ඉහළ යමින් රෝගීන් 82838ක් වාර්තා වී ඇති බවයි.

ජුලි මසදී පමණක් ඩෙංගු රෝගීන් 27464ක් හමුවී ඇති බවද සඳහන්.

මේ වන විට වැඩිම ඩෙංගු රෝගීන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 21.25%කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 16457ක් සහ මහනුවරින් රෝගීන් 5685ක් වාර්තා වී තිබෙනවා.

මේ වන විට ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 61ක් වාර්තා වී ඇති බව සඳහන්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk