2026-07-28 13:59:00 Hours
දෙවිනුවර උත්පලවණ්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහැරේ කාවඩි නර්තන කණ්ඩායම් කිහිපයක සාමාජිකයන් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
අද (28) උදෑසන සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මෙවර පෙරහැර සඳහා ආරක්ෂාවට ආරක්ෂක අංශ සාමාජිකයින් 1500ක පමණ පිරිසක් යොදවා ඇති අතර සහභාගී වන සියලු කාවඩි කණ්ඩායම් ක්ෂණික පරික්ෂාවන්ට ලක් කිරීමට ද නියමිතව තිබෙනවා.
කාවඩි කණ්ඩායම් සහභාගී කරවීම සම්බන්ධයෙන් පාතාල කණ්ඩායම් නායකයන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් දේවාලය ආසන්න නිවසකට වෙඩි තැබීමක් දක්වා තත්ත්වය දුරදිග ගියා.
ඒ හේතුවෙන් කාවඩි නර්තනය තාවකාලිකව අවලංගු කරන ලෙස පොලිස්පතිවරයා පසුගිය ඉරිදා මාතර දිස්ත්‍රික් ලේකම්වරයාට නිර්දේශ කර තිබුණා.
කෙසේ වෙතත් ඒ සම්බන්ධව තීන්දුවක් ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතුණා.
එහිදී පසුගිය වසරවල කාවඩි නර්තනය සඳහා සහභාගී වූ සියලු කණ්ඩායම්වලට මෙවරද කාවඩි නර්තනය සඳහා අවසර ලබාදීමට කටයුතු කළා.
පෙරහැර කටයුතු අද (28) පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතය.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk