2026-07-28 14:59:00 Hours

සුරේෂ් සලේගේ රිට් පෙත්සම අගෝස්තු 25 දක්වා කල්යයි


...

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ගොනු කළ රිට් පෙත්සම අගෝස්තු 25 වනදා යළි කැඳවීමට අභියාචනාධිකරණය අද (28) නියෝග කළා.

අදාළ පෙත්සම අද (28) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා එය අගෝස්තු 25 වනදා යළි කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කළා.

එදින පෙත්සමට අදාළ වැඩිදුර කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk