2026-07-29 10:06:00 Hours
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් අද (29) කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එම සංගමයේ නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසන්නේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව වැඩි කිරීමට ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ගයට එරෙහිව ගත යුතු පියවර පිළිබඳව මෙහිදී අවධානය යොමු කරන බවයි.
මේ අනුව අද (29) උදෑසන 11ට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දී මෙම රැස්වීමට පැවැත්වීමට නියමිතයි.
මෙම විශේෂ මහ සභා රැස්වීම සම්බන්ධයෙන් නීතිඥ සංගමය නිකුත් කළ ආරාධනා පත්‍රය පහතින්,
"මෙය කිසිදු පුද්ගලයෙකු හෝ විනිසුරුවරයෙකු සම්බන්ධ ප්‍රශ්නයක් නොවේ. මෙය අධිකරණයේ ස්වාධීනත්වය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලධර්ම සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වූ ඉතා වැදගත් ජාතික කාරණයක්.
එවැනි මුලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වෙනස්කම් සිදුකළ යුත්තේ, පුළුල් මහජන සහ පාර්ශ්වකරුවන්ගේ සංවාදයකින්, විනිවිඳභාවයකින් සහ නිසි ක්‍රියාපටිපාටියට අනුකූලවයි.
ඒ අනුව මේ වැදගත් ජාතික කාරණාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයින් අද පෙරවරු 11 මෙම මහ සභා රැස්වීමට සහභාගී වෙන ලෙස ගෞරවයෙන් ආරාධනා කරනවා."
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk