2026-07-29 21:40:00 Hours

යල කන්නයේ වී නිෂ්පාදන පිරිවැය වාර්තාව එළියට


...

යල කන්නයේ වී වගාව සඳහා පිරිවැය වාර්තාවක් සකස් කර ඇති බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අනුරාධපුරයේ පැවැති විශේෂ ගොවි හමුවකදීයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පසු අස්වනු තාක්ෂණ ආයතනය සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිපර්යේෂණ හා පුහුණු ආයතනය එක්ව මෙම නවතම පිරිවැය වාර්තාව සකස් කර ඇති බව සඳහන්.

මේ අනුව රතු නාඩු වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 76කි.

සුදු නාඩු වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 87ක් වන අතර සම්බා වී කිලෝවක් සඳහා වන නිෂ්පාදන පිරිවැය රුපියල් 97ක් වන අදාළව වාර්තාවේ දැක්වෙනවා.

තවද කීරි සම්බා වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 119ක් බව අදාළ වාර්තාවේ සඳහන්.

එහිදී අමාත්‍යවරයා පවසන්නේ ගොවි සංවිධාන දීර්ඝ කාලයක් තිස්සේ කළ ඉල්ලීමකට අනුව වී කිලෝවක පිරිවැයට 30%ක ලාභයක් එකතු කර අස්වැන්න සඳහා සාධාරණ සහතික මිලක් නියම කිරීමේ ප්‍රතිපත්තිය රජය විසින් ක්‍රියාත්මක කර ඇති බවයි.

රජය විසින් හෙක්ටයාරයකට රුපියල් 30000ක පොහොර සහනාධාරයක් ද ලබාදී තිබෙනවා.

එය ද ඇතුළත් කර මෙම පිරිවැය ගණන කර ඇති බව සඳහන්.

අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අර්තාපල්, ලොකු ලූණු, පාන් පිටි, හාල් සහ බාස්මතී වැනි විශාල ආහාර ප්‍රමාණයක් විදේශ රටවලින් ආනයනය කිරීමට සිදුව ඇති බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk