2026-07-31 16:48:00 Hours

ජුලි මසදී උද්ධමනය ඉහළට


...

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජුලි මස උද්ධමනය 7.3%කින් ඉහළ ගොස් තිබෙනවා.

නවතම වාර්තාවක සඳහන්ව ඇත්තේ එය පසුගිය ජුනි මාසයේ තිබූ 6.8%ක අගයේ සිට 7.3% දක්වා ඉහළ ගොස් ඇති බවයි.

තවද ආහාර උද්ධමනය ද පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් ඇත.

එය 3.6% සිට 6.3% දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2026 ජුනි මසට සාපේක්ෂව ජුලි මසදී යම් පහළ බැස්මක් වාර්තා කර ඇති අතර ඒ අනුව ජුනි මාසයේ තිබූ 8.4%ක අගයේ සිට 7.8%ක්වා අඩු වී තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk