2026-07-24 10:10:00 Hours
ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 10%ක ආනයන බද්දක් පැනවීමට ගත් තීරණය ශ්‍රී ලංකාවට හිතකර ප්‍රතිඵලයක් බව ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ, මෙම ප්‍රතිඵලය ලබාගැනීමට හැකි වූයේ ජනාධිපතිවරයාගේ කාලෝචිත මැදිහත්වීම්, ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා සහ ශ්‍රී ලංකා දූත පිරිසේ ඒකාබද්ධ කැපවීම හේතුවෙන් බවයි.
මුදල් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් දූත පිරිස, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා, වෙළෙඳ ලේකම් ඒ. විමලේන්දිරරාජා මහතා, ප්‍රධාන ආර්ථික උපදේශක සහ ආයෝජන මණ්ඩල සභාපති දුමින්ද හුලංගමුව මහතා ඇතුළු කණ්ඩායමේ කැපවීම මෙන්ම වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අඛණ්ඩ සම්බන්ධීකරණය මෙම ප්‍රතිඵලයට දායක වූ බවද ඔහු සඳහන් කළා.
සිය ධුර කාලය තවත් දින කිහිපයකින් අවසන් වන බව පෙන්වා දුන් මහින්ද සමරසිංහ මහතා, මෙම ධනාත්මක ප්‍රතිඵලය ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා තවත් අභියෝග රැසක් ජයගත යුතු බවත්, ඒ වෙනුවෙන් උදාසීන නොවිය යුතු බවත් පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ අවශ්‍යතාවක් ඇති වුවහොත් ජනාධිපතිවරයාට සහ රජයට සිය සහාය ලබාදීමට සූදානම් බව සඳහන් කළ ඔහු, දේශපාලන න්‍යාය පත්‍ර පසෙක තබා රටේ යහපත වෙනුවෙන් සියලුදෙනා එක්ව කටයුතු කළහොත් ශ්‍රී ලාංකිකයන්ට ජයගත නොහැකි අභියෝගයක් නොමැති බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk