2026-07-23 11:15:00 Hours
එල්-නිනෝ තත්ත්වය මේ වන විට වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර, එහි උච්චතම අවස්ථාව අපේක්ෂා කළ කාලයටත් පෙර ඇති විය හැකි බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පවසනවා.
ශ්‍රී ලංකාවට එල්-නිනෝ තත්ත්වයෙන් ඇති විය හැකි බලපෑම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, නොවැම්බර් මාසය වනවිට එල්-නිනෝ තත්ත්වය උච්චතම මට්ටමට ළඟා විය හැකි බවයි.
එමෙන්ම ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දැඩි වියළි කාලගුණ තත්ත්වයක් බලපානු ඇති බවට ද අමාත්‍යවරයා අනතුරු ඇඟවීමක් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk