2026-07-19 17:37:00 Hours
ගල්කිස්ස නිසල සෙවණ පොදු සුසාන භූමිය තුළදී අද (19) පස්වරුවේ වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකරුවෙකු සැන්ඩෝ පුද්ගලයාගේ පියාට බව පොලීසිය පවසනවා.
අදාළ පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ ඕබන් සයිඩ් ධීවර නිවාසවල පදිංචිකරුවෙකු බව සඳහන්.
මුහුණු ආවරණය වන ලෙස හෙල්මට් පැළඳ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පොදු සුසාන භූමිය වෙතට ඇතුළු වූ දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව වාර්තා වනවා.
09mm වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව මුලික පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.
වෙඩි තැබීමෙන් ඔහුගේ වම් අතට හා පපු ප්‍රදේශයට තුවාල වී ඇති බව සඳහන්.
අදාළ පුද්ගලයා මේ වන විට කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk