2026-07-20 13:24:00 Hours

ලබන සැප්තැම්බර්වල සිට සියලු පොදු ප්‍රවාහන බස් රථවල තත්ත්ව පරීක්ෂාවක්


...

පොදු ප්‍රවාහන සේවා සපයන බස් රථ ඇතුළු සියලු රථවල තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික කවුන්සිලයේ සභාපති මංජුල කුලරත්න මහතා පවසන්නේ මෙම ක්‍රියාවලිය සැප්තැම්බර් මස සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙරට පොදු ප්‍රවාහනයේ දී සිදුවන රිය අනතුරුවලට හේතුව ලෙස රියදුරන්ගේ නොසැලකිල්ල සහ වාහනවල පවතින විවධ දුර්වලතා ඇති බවත් ඒ පිළිබඳව අවධානය යොමු කරමින් පොදු ප්‍රවාහනයේ යෙදෙන බස් රථ ඇතුළු සියලු වාහනවල තත්ත්ව පරීක්ෂාවක් සිදුකරන බවත් ඔහු කියා සිටිනවා.

අදාළ තත්ත්ව පරික්ෂාව සඳහා සුදුසුකම් ලත් තාක්ෂණික නිලධාරීන් බඳවා ගැනීම වෙනුවෙන් දැනටමත් අයදුම්පත් කැඳවා ඇති බව සඳහන්.

ඒ මහතා පෙන්වා දෙන්නේ එම බඳවා ගැනීම්වලින් අනතුරුව සැප්තැම්බර් අග වන විට මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීමට හැකි වනු ඇති බවයි.

මේ අනුව මෙරට පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන සියලුම රථවාහනවල තත්ත්වය පරීක්ෂාවන් සිදු කිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk