2026-07-14 08:53 Hours

බන්ධනාගාර ගැටුමෙන් තවත් නිලධාරීන් දෙදෙනෙක් මරුට


...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ (13) සහ අද (14) අලුයම එම නිලධාරීන් දෙදෙනා මියගොස් ඇති බවයි.

25 හැවිරිදි සහ 39 හැවිරිදි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනක් මෙලෙස මියගොස් තිබෙනවා.

මේ අනුව මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් ගණන 10 දෙනෙක් දක්වා ඉහළ යනු ඇති.

ජුලි මස 5 සහ 6 යන දෙදින තුළ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර රැඳවියන් 21 දෙනෙකු ද මියගොස් ඇති බව වාර්තා වනවා.

ඒ අනුව සිද්ධියෙන් මියගිය සමස්ථ පුද්ගලයින් ගණන 31 දක්වා ඉහළ යනු ඇති.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවේ අදාළ ගැටුමෙන් තුවාල ලැබූ තවත් බන්ධනාගාර රැඳවියන් සහ නිලධාරීන් කොළඹ ජාතික රෝහලේ සහ මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk