2026-07-19 22:40:00 Hours
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
පොලීසිය රියදුරන් වෙත උපදෙස් ලබාදෙමින් පවසන්නේ මෙම තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දෙසට ධාවනය වන වාහන අධිවේගී මාර්ගයෙන් පිටවීම සඳහා වැලිපැන්න පිවිසුම භාවිතා කරන ලෙසයි.
රථවාහන තදබදය පාලනය කිරීම සඳහා පොලීසිය සහ අදාළ අධිකාරීන් මේ වන විට පියවර ගනිමින් සිටිනවා.
ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විමසිලිමත් වන ලෙසත් පොලිසියේ උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කුරුඳුගහහැතැම්ම අතර 64 වෙනි කිලෝමීටර් කණුව අසල පෞද්ගලික බස් රථයක් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.
බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්.
ගාල්ල සහ කොළඹ මඟී ප්‍රවාහන සුඛෝපභෝගී බස් රථයක් කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය තිබියදී අද (19) පස්වරුවේ මෙම ගිනි ගැනීම සිදුව තිබුණා.
අදාළ අවස්ථාවේදී බස් රථයේ මඟීන් 20 දෙනෙක් පමණ සිට ඇති බව සඳහන් වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk