2026-07-17 09:26:00 Hours
සැකසූ දියර කිරිවල අඩංගු ඇෆ්ලටොක්සින් (Aflatoxin) මට්ටම සම්බන්ධයෙන් නව නියාමනයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ (සංශෝධිත) 12(2) වගන්තිය යටතේ නිකුත් කර ඇති මෙම විධානයට අනුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS 1815 ප්‍රමිතියේ සඳහන් උපරිම 0.5 µg/kg (ppb) ඇෆ්ලටොක්සින් සීමාවට අනුකූල නොවන සැකසූ දියර කිරි නිෂ්පාදනය කිරීම, සෑදීම, ආනයනය කිරීම, ඇසුරුම් කිරීම, සැපයීම, ගබඩා කිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය කිරීම, විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් වනවා.
මෙම නියෝගය සියලුම නිෂ්පාදකයින්, නිෂ්පාදක සමාගම්, ආනයනකරුවන්, ඇසුරුම්කරුවන්, සැපයුම්කරුවන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන්, ප්‍රවාහනය කරන්නන් සහ වෙළෙන්දන්ට අදාළ වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා.
අදාළ නව නියාමනය 2027 ජනවාරි 8 වැනිදා සිට බලපැවැත්වෙන බවද එම අධිකාරිය නිවේදනය කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk