2026-07-12 11:47:00 Hours
අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන් කළ තවත් නෞකාවකට ප්‍රහාර එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය පවසනවා.
හෝමූස් සමුද්‍ර සන්ධියේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.
අමෙරිකානු ඊශ්‍රායල ආක්‍රමණ ලෙස හඳුන්වන මෙවැනි ක්‍රියා තවදුරටත් ඉදිරියට ගෙන ගියහොත් විනාශකාරී ප්‍රතිචාරයන් අත්වනු ඇති බව ඉරානය අනතුරු අඟවා සිටිනවා.
සයිප්‍රස් ධජය සහිත නෞකාවක් අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන් කිරීමත් සමඟ ඉරානය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයත් සමඟ ඇති වූ මෙම තත්ත්වය හේතුවෙන් නැවත හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගෙන තිබුණා.
මේ අතර මැදපෙරදිග ගැටුම් නැවත උත්සන්න කරමින් ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
කෙසේ වෙතත් එම ඩ්‍රෝන යානා සහ මිසයිල බිම හෙලීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කටයුතු කර ඇති බවද වාර්තා වනවා.
මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් කටාර් සහ බහරේන් ඔවුන්ගේ ආරක්ෂක අනතුරු ඇඟවීම් ඉහළ නංවා තිබෙනවා.
බලධාරීන් එරට ජනතාවට පවසා ඇත්තේ ආරක්ෂිත ස්ථානයන් හී නවාතැන් ගන්නා ලෙසයි.
අමෙරිකානු කඳවුරු ඉලක්ක කරමින් ඉරානය මෙම ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්.
මේ අනුව ජොර්දානයේ ප්‍රින්ස් හසන් ගුවන් කඳවුර ඉලක්ක කරගනිමින් ඉරානය බැලැස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර තිබෙනවා.
ඊට අමතරව බහරේනය සහ කුවේට් අමෙරිකානු හමුදා කඳවුරු කිහිපයක් ඉලක්ක කරමින් ඉරානය ඩ්‍රෝන ප්‍රහාරද එල්ල ඇති බව වාර්තා වනවා.
මේ අතර ඉරානය විසින් නැවත වරක් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පැවසුවේ ඒ අනුව නැවත දැනුම් දෙන තුරු මුහුදු මාර්ගය වසා දැමීමට පියවර ගෙන ඇති බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk