2026-07-16 15:14:00 Hours

උසස් පෙළ කල් දමන ලෙස ඉල්ලු පෙත්සම ගැන තීන්දුව ලබන 23 වනදා


...

ලබන මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙනවාද? නැද්ද? යන නියෝගය ජුලි මස 23 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (16) නියෝග කළා.

අභියාචනාධිකරණය මෙම නියෝගය ලබාදුන්නේ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදීයි.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk