2026-07-12 09:41:00 Hours

2027 අයවැය නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට


...

2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව වාර්තා වනවා. භාණ්ඩාගාරය සකස් කර ඇති යෝජිත කාලසටහනට අනුව අමාත්‍යාංශයවල වියදම් ඇස්තමේන්තු ලබා ගැනීමෙන් පසුව පනත් කෙටුම්පත කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇති. එය ඔක්තෝබර් 18 වනදා ගැසට් කිරීමට නියමිතයි. ඉන්පසුව පනත කෙටුම්පත ඔක්තෝබර් මසදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පළමුවර කියවීමට නියමිතව තිබෙනවා. නොවැම්බර් 12 වනදා දෙවැනි වර කියවීමේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය කතාව ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්. ඉන් අනතුරුව අයවැයේ දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 13 සිට නොවැම්බර් 20 දක්වා පැවැත්වෙන අතර කාරක සභා අවස්ථාවේ විවාද සහ සංශෝධන දෙසැම්බර් 13 දක්වා පැවැත්වීමට නියමිතයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk