2026-07-15 18:46:00 Hours
කටුනායක දැවමොට්ටාව ප්‍රදේශයේ දී අද (15) සවස සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් පොලිස් නිලධාරියාගේම රාජකාරි ගිනිඅවිය පැහැරගෙන මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි.
ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලුහුබැද ගොස් තිබෙනවා.
එහිදී දැවමොට්ටාසැකකරුව ප්‍රදේශයේදී නතර කර ප්‍රශ්න කිරීමෙන් පසුව ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත.
සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙන යාම සඳහා සුදානම් වන අවස්ථාවේ දී එක් පොලිස් නිලධාරියෙකු සැකකරු පැමිණි යතුරුපැදිය රැගෙන එම සඳහා ගොස් තිබෙනවා.
එම අවස්ථාවේදී අනෙක් නිලධාරියා සමඟ සිටි සැකකරු වහා ක්‍රියාත්මක වී එම නිලධාරියා සතුව තිබූ රාජකාරී ගිනිඅවිය පැහැරගෙන අදාළ නිලධාරියාට වෙඩි තබා වෙනත් යතුරුපැදියකින් පළාගොස් ඇති බව වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk