2026-07-15 21:58:00 Hours
රත්මලාන ගුවන්තොටුපොළෙන් පුහුණු ගුවන් ගමනක් සඳහා අද (15) ගුවන්ගත වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයේ ගුවන් යානයක සරුංගල් නූලක් පැටලීම හේතුවෙන් එම යානය ආරක්ෂිතව යළි ගොඩබස්වා තිබෙනවා.
මෙම සිද්ධියෙන් කිසිදු පුද්ගල හානියක් වාර්තා වී නොමැති අතර, ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස යානය යළි රත්මලාන ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වූ බවයි වාර්තා වන්නේ.
මේ අතර, ගුවන් ගමන් ආරක්ෂාව සහ මගීන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීනවරාය, අනුරාධපුර, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වව්නියාව, වීරවිල සහ මත්තල යන ගුවන් තොටුපොළ හා ගුවන් ධාවන පථ ආශ්‍රිත ප්‍රදේශවල සරුංගල් යැවීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස අදාළ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ගුවන් යානාවලට සරුංගල් නූල් පැටලීම බරපතළ ආරක්ෂක අවදානමක් වන බැවින්, ගුවන් තොටුපොළ අවට ප්‍රදේශවල සරුංගල් යැවීමෙන් වැළකීම අත්‍යවශ්‍ය බවද බලධාරීන් අවධාරණය කරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk