2026-07-08 22:42 Hours

බොහෝ දුරට අද ඉරානයට ප්‍රහාර එල්ල කරනවා - ඩොනල්ඩ් ට්‍රම්ප්


...

අමෙරිකාව සහ ඉරානය අතර ඊයේ (07) අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රහාර එල්ල කර ගැනීමෙන් අනතුරුව, අද (08) රාත්‍රියේදී ද ඉරානයට "බොහෝ දුරට ප්‍රහාර එල්ල කරන" බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ සමඟම, ඉරානයට එරෙහිව නැවතත් නාවික අවහිරතාවක් පැනවීමට කටයුතු කරන බවට ද ඔහු අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වන විට තුර්කියේ පැවැත්වෙන නේටෝ (NATO) රාජ්‍ය නායක සමුළුවට සහභාගී වී සිටින ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, දෙරට අතර පැවති අවබෝධතා ගිවිසුම "දැන් අවසන්" බවයි.

කෙසේ වෙතත්, ඉරානය සමඟ සාකච්ඡා ඉදිරියට ගෙන යාමේ හැකියාවක් පවතින බව මීට පෙර ඔහු ප්‍රකාශ කර තිබුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk