2026-06-26 22:13:00 Hours
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර කිලෝමීටර් 31 ප්‍රදේශයේදී වාහන 5ක් එකිනෙක ගැටීමෙන් අද (26) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය සඳහන් කළා.
මාතර දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථ දෙකක් සහ මෝටර් රථ තුනක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ එම කොටසේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන ඇති අතර, රියදුරන් ප්‍රවේශමෙන් ධාවනය කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කර තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය විසින් සිදුකරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk