2026-06-26 19:36:00 Hours
අල්ලස් සිදුවීමක් පිළිබඳව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ සමඟි ජන බලවේග හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සමඟි ජන බලවේගය පියවර ගෙන තිබෙනවා.
ඊට අමතරව ඔහු මෙතෙක් දැරූ සියලු තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ද පක්ෂය තීරණය කර ඇති බවද වාර්තා වනවා.
සමඟි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් නිකුත් කරමින් සඳහන් කරන්නේ 2023 වසර වන විට ඔහු පක්ෂයේ සාමාජිකයෙකු ලෙස හෝ සංවිධායකවරයෙකු ලෙස හෝ කටයුතු කර නොමැති බවයි.
චරිත් අබේසිංහ මහතා එවක සමඟි ජන බලවේගයේ කිසිඳු තනතුරක් ද නොදැරූ අයෙක් බවද එම පක්ෂයේ මහ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ පෙන්වා දෙනවා.
වැඩිදුරටත් එම නිවේදනයෙන් සඳහන් කරන්නේ සමගි ජනබලවේගය කිසිදු විටෙක දූෂණයන්ට හෝ නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින්ට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට සහ අධීකරණමය ක්‍රියාමාර්ග ගැනීමට විරුද්ධ නොවන බව අවධාරණය කරන බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk