2026-06-22 12:29:00 Hours
කටාර් රාජ්‍යයේ ප්‍රධාන ස්වභාවික ගෑස් අපනයන පර්යන්තයේ පිපිරීමක් සිදුව තිබෙනවා.
එරට මාධ්‍ය වාර්තා කළේ පිපිරීමෙන් පුද්ගලයින් 54 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.
තවත් පුද්ගලයින් 18 දෙනෙක් අතුරුදහන් ඇති බව සඳහන්.
මැදපෙරදිග යුද සමයේ ඉරානය විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් පසුව එහි මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කිරීමට සේවකයින් උත්සාහ ගත් අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා ඇති බව වාර්තා වනවා.
රාස් ලෆාන් කාර්මික කලාපයේ සිදුවූ මෙම පිපිරීම ගෝලීය බලශක්ති වෙළෙඳපොල තුළ තවදුරටත් අර්බුදකාරී තත්ත්වයක් ඇති වීමට වැඩි ඉඩක් ඇති බව බලශක්ති විශේෂඥයෝ පෙන්වා දෙනවා.
ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම හේතුවෙන් කටාර් රාජ්‍යයට තම පාරිභෝගිකයින් වෙත නැව් ගත කිරීම් සිදු කිරීමට නොහැකි වුණා.
ඒ නිසා ඔවුන් තම නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත් යුද්ධය අවසන් කිරීම සඳහා කෙරෙන සාකච්ඡා අතරවාරයේ ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමත් සමඟ කටාර් රාජ්‍යය තම අපනයන පර්යන්ත නැවත ආරම්භ කිරීමට කටයුතු කළා.
එහිදී එම වැඩ කටයුතු අතරතුර Barzan ගෑස් සැපයුම් මධ්‍යස්ථානයේ මෙම පිපිරීම සහ ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
බර්සාන් බලාගාරයට දිනකට සම්මත ඝන අඩි බිලියන 1.4ක පමණ වායු ධාරිතාවක් සැපයීමේ හැකියාවක් තිබුණා.
ඔවුන් මෙම වායුව ප්‍රධාන වශයෙන් දේශීය විදුලි උත්පාදනය සඳහා සහ අරාබි අර්ධද්වීපයේ කාන්තාර කලාපවල පිහිටි ඔවුන්ගේ අත්‍යාවශ්‍ය ජල ලවීකරණ බලාගාර ක්‍රියාත්මක කිරීමට භාවිතා කළා.
මෙම බලාගාරයේ සම්පූර්ණ අයිතිය කටාර් රාජ්‍යය සතු වන අතර, එහි සුළු කොටසක් පෞද්ගලික සමාගම සතු වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk