2026-06-21 22:38:00 Hours
දඹුල්ලේ අද (21) පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා 'A' කණ්ඩායම ලකුණු 66කින් පරාජයට පත් කරමින් ශූරතාව දිනාගැනීමට ඉන්දීය 'A' කණ්ඩායම සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය 'A' පිල පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 377ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළා.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 378ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා 'A' කණ්ඩායමට පන්දුවාර 47.1කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 311ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙන පිතිකරණ දස්කම් දැක්වූ සදීර සමරවික්‍රම ලකුණු 52ක් සහ වනුජ සහන් ලකුණු 62ක් රැස් කළද, කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට එය ප්‍රමාණවත් වුයේ නැහැ.
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානයේ 'A' කණ්ඩායම් එක්ව සහභාගී වූ මෙම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් අවසන් තරගයට පිවිසියේ ශ්‍රී ලංකා 'A' කණ්ඩායමයි. ඉන්දීය 'A' කණ්ඩායම එහි දෙවැනි ස්ථානයට පත්ව තිබුණා.
මෙම කණ්ඩායම් දෙක මීට පෙර තරගාවලියේ මුහුණදුන් අවස්ථාවේදී සුපිරි පන්දුවාරයකින් ජය වාර්තා කළේ ශ්‍රී ලංකා 'A' පිල වුවද, අවසන් මහා තරගයේදී ආධිපත්‍යය පෙන්වූ ඉන්දීය 'A' පිල ශූරතාව තමන් සතු කරගැනීමට සමත් වුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk